Parrata

Parrata
Parrata
Powered By Blogger

Thursday, March 1, 2012

අනිත් පැත්තෙන් දෙවැනියා වූවෙමි

ඔන්න මේ සීන් එක වුනෙත් පැර‍ට දහම් පාසල් ගිය කාලෙ තමා. පැරට දහම් පාසල් ගිය කාලෙ අම්බානට චාටර් වෙලා තියෙනවා. ඒ කාලෙ දහම් පා‍සල් තරඟ තිබුණ කාලයක්. කැතම සීන් එක වුනේ පැරටගෙ පන්තියෙ දහම් දැනුම තර‍‍ඟෙට යන්න කවුරුත් හිටියෙ නෑ. එතකොට පැරට තමයි ශිෂ්‍ය සමිතියෙ “ගරු සභා” (ඒ කියන්නෙ ගරු සභාපති). ඒ හින්ද පැරට දැනගෙන හිටිය මේ තොප්පියත් අන්තිමට වැටෙන්නෙ පැරටගෙ ඔලුව‍‍ට කියල. ‍වෙන තරඟ වලනම් පැරට චිත්‍ර තර‍ඟෙට ගිහින් ශේප් වෙනව. ඒත් ඉතින් මේ පාර ඒක හරියන්නෙත් නෑනෙ. ඒත් පැරටට මල පැන්න සීන් එක වුණේ නිකන් හෙමින් සැරේ වැටෙන්න තිබුනු තොප්පිය පැරටගෙ බුදු ෆිට් එකක් විසින් පැනල ඔලුවටම දාපු එක.
දවස හරි. පැරට උදේම තරගෙ තිබුන ඉස්කෝලෙට සිංහයා වගේ එන්ටර් වුණා. ඒත් පැරට දන්නව මිනිහට ආපහු යන්න වෙන්නෙ නිකන් බල්ල වගේ කියල. කමක් නෑ.... වෙනදේ වෙයි. පැරට ‘FULL ඩම්’ අරගෙන තර‍ඟෙට ගියා. හරි, නියමයි. පැරටට සෙට්වෙලා තියෙන්නෙ මැද පේළියෙ ඩෙස්ක් එකක්. දැන් කෙලවුනොත් විදේශ ආධාර ගන්න වටේ හතර දෙනෙක් ඉන්න‍වනේ... බලමු කීදෙනෙක් ඉන්නවද කියල? නියමයි.. තව හයදෙනයි. දැන්නම් ඉතින් අන්තිමය වුනත් ලැජ්ජ නෑ. ඔන්න එතකොටම ටීචර් කෙනෙක් ආවා. “දැන් වෙලාව හරි. ඔක්කොම තම තමන්ගෙ තැන්වල වාඩිවෙන්න”. ඔන්න ඉතින් පැරටත් අදාල පොට් එකේ settle වුනා. ඔන්න එතකොටම එලියෙ ඉඳන් තව සෙට් එකක් ආපි. “මගුලයි, බලමු දැන් කීයක් ඉන්නවද කියල?” පැරට ආපහු ගනන් කලා. 15යි. ආසයි නේ. දැන් අන්තිමය වුනොත් ඉඳල ඉවරයි. “කමක් නෑ. වටේ හතරදෙනාගෙන් කොප්පක් ගහගන්න පුලුවන්නෙ” පැරට හිතුව. පජාතයි. පැරටගෙ වටේටම කෙල්ලො හතරදෙනෙක්. කොල්ලෙක් බේතකට හොයාගන්න නෑ. පැරට දන්නව කෙල්ලන්ගෙන් උත්තරයක් ගන්නව‍ට වඩා තනියෙන් ලියන එක ලේසියි කියල. අවුලක් නෑ. උන් නොකිව්වත් පැරටට හොරෙන් බලාගන්න පුලුවන්නේ....
ඔන්න පේපර් බෙදනවා. බලමු මේක මොන වගේද කියල. පේපරේ නම් පොඩියි. බලමු උපදෙස්. පලමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න. බලමු ලියන්න පුල්‍රවන්ද කියල. පලවෙනි එකේ යන්තං 4ක් විතර පුල්‍රවන් වගේ. කමක් නෑ. බලමුකො අනිත් ඒවා. ඒවත් පජාතයි. එකක මුල පුලුවන්. අනිකෙ අග පුලුවන්. පැරට වටපිට බැලුව. අනිත් එවුන් ලියන‍ව පැල් බැඳගෙන. එතකොට කොළ ‍බෙදාගෙන සර් කෙනෙක් ආවා. “තව පැය එකහමාරයි. ඉක්මනට ලියන්න” සර් කිව්වා. ලියන්න කිව්වට අහවල් එක ලියන්නයැ. පැරට තව ටිකක් බැලුව. බලද්දි ඉස්සරහ කෙල්ලෙකුත් මොනවත් ලියල නෑ වගේ. දැන් ඉතින් මිනිහට ෆුල් ජොලි. දැන් ඉතින් අන්තිමය නෙමෙයිනෙ. පැරට ආපහු ලියන්න ගත්තා.
දැන් පැරටගෙ දේශිය සම්පත් ඉවරයි. දැන් ඉතින් ජාත්‍යන්තර පිහිට තමා. පැරට වම් පැත්තෙ කෙල්ලගෙ පේපරේ දිහා බැලුව. කෙල්ල ඉක්මනට පේපරේ වහගත්තා. බලමු දකුණ. ම්හු... ඒ කෙල්ල පේපරේ උඩ පදිංචි වෙලා. ඉස්සරහින් බලල වැඩක් නෑ. පිටිපස්සෙන් බැලුවට පේන්නෙ නෑ. වැඩේ ඉවරයි. පැර‍ට නූල් කෑල්ලක් ඉල්ලගෙන කොල දෙක ගැටගැහුවා. දැන් පැරටට හොඳටම වතුර තිබහයි. චිත්‍ර තර‍‍ඟෙදි නම් කන්නයි බොන්නයි දෙකම හම්බෙනවා. මේකෙ අඩුගානෙ වතුර ටිකක් නෑ. කමක් නෑ. තව පැයයි නෙ. ඒ ටිකත් ඔහොම ඉමු.
වෙලාව ඉවරයි. පැරට පේපරේ දීල නැගිට්ටා. මිනිහ එලියට යද්දි ‍මිනිහට කෙල්ලෙක් කථා කලා. “පේපර් එක හරි ලේසියි නේ...”. පැර‍ටගෙ කටට හොඳ වචන ටිකක් ආව. ඒත් ඒව අමාරුවෙන් නවත්තගෙන මෙන්න මෙහෙම කියල යන්න ගියා. “නැතුව නැතුව”.
කොහොම හරි අන්තිමේදි පැර‍ට ජයග්‍රාහී ලෙස 15 දෙනෙක්ගෙන් 14වෙනි තැන දිනාගෙන තිබුනා.

Friday, December 30, 2011

පෙත්ත බත් කෑවද?


මේ සීන් එක සිද්ධ වුනේ පැරට දහම් පාසලේ හතේ පන්තියේ ඉන්න කොට. ඒ දවස්වල පැරටගෙ පන්සලේ ඇතිකරන්න ගෙනාපු ගිරා පැටියෙක් හිටියා. ගිරවෙක් කිව්වට මිනිහා කතාකරන පොරක් නෙමෙයි. කෝකටත් කියල පැරට මේ මනුස්සයත් එක්ක talk එක දාන්න try එකක් දුන්නා. පැරටගෙ school van එකේ ගිය කිසි කතාවක් නැතිව ගිය සහෝදර ප්‍රේමයක් කතාවට අල්ලගත්ත පැර‍ටට මේක එච්චර ලොකු කෙහෙල් ගෙඩියක් නෙ‍මෙයි කියල හිතුනට ‍වැඩේ අමාරු වුනා. කතා කරන‍ව තියා මිනිහ පැරටගෙ මූණ දිහාවත් බැලුවෙ නෑ. ඔහොම ඉන්නකොට හාමුදුරුවන්ව දානෙකට එක්ක යන්න ආපු කස්ටියක් මේ ගිරවව වටකරගෙන ඉන්නව පැරට දැක්ක. ඒ වෙලාව දහම් පාසලේ ඉන්ටිවල් හින්දත් පැරටට වෙන කරන්න වැඩක් තිබුණෙ නැති හින්දත් පැරට ගියා මේ පැත්තට ඇන්ටනාව දාන්න. එතකොට කස්ටිය වටවෙලා ගිර‍වගෙන් “පෙත්ත බත් කෑවද?” කිය කිය අහනව. පැරට දන්නවනෙ ගිරවගෙ හැටි. ඉතින් මේ joke එක දැක්ක පැරටට වචනයක් නොදා ඉන්න බැරිවුණා. ඉතින් ඒ සීන් එක මෙන්න මෙහෙමයි සිද්ධ වුණේ.
කස්ටිය : පෙත්ත බත් කෑවද?
පැරට : ඇයි උඹ කවන්නද?
මේක ඇහුන ගමන් කවුද කියල බලන්න කස්ටිය ආපහු හැරුනත් එතකොට පැරට වාශ්ප වෙලා ඉවරයි. කොහොම හරි මේ සීන් එකට පින් සිද්ධ වෙන්න පැර‍ට දවස් තුනහතරක් දහම් පාසල් ගියෙ නම් නෑ.

Tuesday, December 27, 2011

The First Step


පැරටට අන්තර් ජන්ජාලෙට එන්ටර් වෙන්ට කියල අයිඩියාස් පාර ආවේ අපොස සාපෙ කොරල කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න කොට. ප්‍රතිපල ආවට පස්සේ පදිංචියට යන්ට කියල ගෙයක් කුලියට ගන්න තව කීයක් හරි හොයාගන්ට පැරට ඉස්සරහට ලොකු වැඩ ගොඩාරියක් ප්ලෑන් කොරල තමා ඉන්නේ. ඒවා එතකොට බලා ගම්මුකො. පැරට සිරාවටම මේකට එන්ටර් වෙන්ට ෆුල් සප් එක දුන්න පිටසක්වලයවත් ආදරෙන් මතක් කොරනවා හොදේ